සැකකටයුතු ලෙස මියගිය තරුණයකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වැල්ලවත්ත පොලිසිය පවසනවා.

සර්වානන්දා තිරුසාන්ත් නමැති මියගිය පුද්ගලයා වයස අවුරුදු 28ක් වූ යාපනයේ පදිංචිකරුවෙක් බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වැල්ලවත්ත පොලිසිය අමතා අද (05) උදෑසන තොරතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මියගොස් සිටි පුද්ගලයාගේ සිරුරේ රතු පැහැ තැළුම් සලකුණු දක්නා ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිත බවත්ය.

WhatsApp Group

Skip to content