වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

දුම්රියපොළ ආසන්න මුහුදුබඩ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදු ව ඇති බව සදහන්.

එහිදි මාර්ගයේ ගමන් කර තිබූ මෝටර් රථයක් ද අනතුරට ලක්ව තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතේ කොළඹ ඇතු`ඵ ප්‍රදේශ කිහිපයක් ආශ්‍රීතව භූ කම්පන ඇති වීමේ ප්‍රවනතාවයක් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ හිටපු ජේ්‍යෂ්ඨ මාහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ඔහු සදහන් කරන්නේ.

එමෙන්ම 1615 වසරේ සිට මේ දක්වා බස්නාහිර පළාතේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිත විශාල භූ කම්පන ප්‍රමාණයක් සිදුව ඇති බව ද අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.

 

WhatsApp Group

Skip to content