වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා .

කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇති බව සදහන් .

ඒ අනුව ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කළා.

ඊයේ දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 6 දෙනෙකු එම බැම්මට යටවී අනතුරට ලක් වුණා .

අනතුරෙන් තුවාල ලැබු එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අතර තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා .

මෙම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පාසලේ විදුහල්පතිවරයාට ද පරහදීමක් සිදු කර ඇති බව වාර්තා වනවා.

පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පාසලේ අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT-01.mp3?_=1

එම පාසලේ විදුහල්පතිවරයාට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ඉල්ලීමක් කළා.

https://www.vnews.lk/storage/2023/11/MARIKKAR-EDIT.mp3?_=2

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/11/SUSIL-EDIT-02.mp3?_=3

WhatsApp Group

Skip to content