බටහිර ඉන්දීය කොදෙව් හිටපු පිතිකරු මාර්ලන් සැමුවෙල්ස් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය යටතේ වැරැදි 4 කට වැරදිකරු බවට පත්ව තිබෙනවා.

ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසිනුයි මේ බව තීන්දු කර ඇත්තේ.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී යි සැමුවෙල්ස්ට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් චෝදනා ගොණු කරනු ලැබුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2019 වසරේ පැවැති අබුඩාබි ටී 10 ලීග් තරගාවලියට අදාළවයි ඔහුට චෝදනා ගොණු කර තිබුණේ.

ඔහු එම තරගාවලියේ දී කර්නාටකා ටස්කර්ස් සංචිතයට ඇතුළත්ව සිටි නමුත්, කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කළේ නැහැ.

එක් එක් පාර්ශ්වයන් ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමෙන් පසුව විනිශ්චය සභාව විසින් ලබා දෙන දඩුවම් තීරණය කරනු ඇති.

මාලන් සැමුවෙල්ස් 2000 වසරේ සිට 2018 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටි අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 71කට, එක්දින තරග 207කට හා 20යි 20 තරග 67කට ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 11,134ක් ලබා ඇති සැමුවෙල්ස් බිද හෙලා ඇති කඩුලු ගණන 152ක්.

කොදෙව්වන් ශූරතාවය දිනූ 2012 සහ 2016 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

WhatsApp Group

Skip to content