වැඩ බලන අමාත්‍යවරුන් සිවු දෙනෙකු පත් කර තිබෙනවා.

ඒ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන්.

ඒ අනුව වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද , වැඩ බලන මුදල් අමත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ද පත් කර තිබෙනවා.

ඊට අමතරව වැඩ බලන තාක්ෂණ අමත්‍යවරයා ලෙස කනක හේරත් මහතා පත් කර ඇති අතර වැඩ බලන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content