විදුලිබල මණ්ඩල සේවක පිරිසකගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිතයි.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සදහා මෙරට සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇති බව සදහන්.

එමෙන්ම අද දින ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා.

ඉන් අනතුරුව විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content