සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු තරගයේ දෙවන දිනය අදයි.

පළමු දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 139ක් පමණයි.

ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 145ක් රැස්කරගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content