මෙම වසරේ මාසයක් තුළ ඉපයූ වැඩිම අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය ඩොලර් මිලියන 1119 ක් බවටයි වාර්තා වී ඇත්තේ.

නමුත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයු අපනයන ආදායමට සාපේක්ෂව සියයට 87.7 ක අඩු වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

අපනයන ආදායම අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදෙස් වෙළදපොලෙහි නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම අඩු වීම බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

 

WhatsApp Group

Skip to content