විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අතු`ඵ සංවිධාන කිහිපයක් එක් වී විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මේ වන විට පාගමනක් පැවැත්වෙනවා.

මේ සදහා මහා සංඝරත්නය ඇතු`ඵ විශාල පිරිසක් එක්ව සිටින අතර එය දිවුලපිටිය නගරයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අවට වැඩි පොලිස් රැකවල් යොදා ඇති බව සදහන්.

විශේෂ කැරලි මර්ධන කණ්ඩායමක්, හමුදා භට කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් ද දිවුලපිටිය ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර විදුලිබිලට විරෝධය දැක්වීමේ පාගමනට එරෙහිව අඥාවක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඊයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

WhatsApp Group

Skip to content