මෙරට පළාත් 09ම ආවරණය වන පරිදි කළ සමීක්ෂණයකින් අවුරුදු 05 අඩු ළමයින් සහ කාන්තාවන් ලක්ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පළාත් 09 තුළ අවුරුදු 05 අඩු ළමයින් 300,746ක් සහ කාන්තාවන් 671,142ක් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සදහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශන්යකට පිළිතුරු ලෙස මෙම කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අමාත්‍යවරයා ඊයේ කටයුතු කළා.

මෙහිදී වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන පළාත බස්නාහිර පළාත වන අතර, බස්නාහිර පළාතේ අවුරුදු 05ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 85,847ක් සහ කාන්තාවන් 196,197ක් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content