රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉල්ලීම් ඉදිරිපත් කර තිබුනා.

එම නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින් මෙම විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහායි මෙම විශේෂඥ කමිටුව පත් කිරීමට තීරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content