මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා.

එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ අද දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පවත්වන බව ඔහු සඳහන් කලා.

https://www.vnews.lk/storage/2023/10/CHANDANA-SOORIYAARACHCHI-EDIT-.mp3?_=1

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන සතිය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කලා .

https://www.vnews.lk/storage/2023/10/CHAMIL-WIJESINGHA-EDIT-1-1.mp3?_=2

මේ අතර දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සහ හෙට යන දෙදින තුළ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ සඳහන් කළෙ.

WhatsApp Group

Skip to content