අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු සහ සේවා අවශ්‍යතා හේතුවෙනුයි එම තීරණය ගෙන ඇත්තේ.

විදේශ රැකියාවල නිරත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත වසර 05ක නිවාඩුවක් ලබාදීමට රජය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් අදාළ චක්‍රලේඛයට අනුව මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සිදුකරන අධිකරණ නිලධාරීන්ගේ ඉල්ලුම්පත් සලකා බැලිය නොහැකි බවයි අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ

ඒ, පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට සහ මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content