වැට්  බද්ද හෙවත්  එකතු කළ අගය මත බද්ද අද සිට ක්‍රියාත්මක වනවා.  ඒ අනුව අද සිට වැට් බද්ද , සියයට 15 සිට සියයට 18 දක්වා ඉහල දමා තිබෙනවා.

වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුටම ගෙවීමට සිදුවනවා .

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්, පෙට්‍රල්, ඩීසල්, රසායනික පොහොර, සියලුම ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර ,ගිලන් රථ ආනයනයේදී, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි, ස්වර්ණාභරණ, පාම් ඔයිල්, බිත්තර, තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව  අද සිට වැට් බද්ද පනවනු ලබනවා .

එමෙන්ම අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් සදහන් .

එම භාණ්ඩවලට අලුතින්ම සියයට 18 කින් වැට් බද්ද එකතු වීමෙන් ඒවායේ මිල සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති .

එමෙන්ම දැනට වැට් බද්ද තිබෙන භාණ්ඩවලට මිල ගණන් තවත් සියයට 3 කින් පමණ ඉහල යාමට නියමිතයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා අවශ්‍ය බදු සංශෝධන සිදු කරන ලෙස නිර්දේශ  කිරීම හේතුවෙන් රජය මෙම බදු ඉහළ දැමීමට තීරණය  කළා .

WhatsApp Group

Skip to content