වැට් බදු පැනවීමක් සිදු නොවුනේ නම් ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීමට හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් 50 කින් පමණ අඩු කිරීමට එමගින් හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

විදුලිබිල අඩු කිරීමේ වාසිය ජනතාවට හිමිවිය යුතු බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content