මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22 ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අසේල බණ්ඩාර කියා සිටියේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගත් බවයි.

අදාළ කාලසීමාව තුළ දිවයින පුරා වැටලීම් 22,000 ක් සිදු කළ බවත් ඉන් 19,000 කට නඩු පවරා ඇති බවත් ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content