තීරු බදු රහිත වාහන පර්මිට් ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම මේ සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඉදිරි මැතිවරණවලට පෙර වාහන බලපත්‍ර ලබා දෙන ලෙසට ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 116 ක් තමන්ට සංදේශයක් භාර දුන් බවයි කථානායකවරයා පවසන්නේ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය, මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීමට විරෝධය පළ කරමින් පවසන්නේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක එලෙස වාහන ලබා ගැනීම සුදුසු නොවන බවයි.

WhatsApp Group

Skip to content