රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ 2021 වසරෙන් පසු මෙතෙක් වාහනයක් ආනයනය කිරීමට කිසිදු අවස්ථාවක සාකච්ඡාවක් හෝ සිදු කර නොමැති බවයි.

මේ අතර බදු නොගෙවීම හේතුවෙන් ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධ තොගයක් වරායේ රඳවාගෙන ඇති බවට පළ වන වාර්තාව ද සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content