වාහන ආනයනය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, වාහන වල අවශ්‍යතාව, මාර්ග වල ඇති ඉඩ පහසුකම් පිළිබඳව මෙහිදී අවධානයට ලක්වන බවයි.

එමෙන්ම ඉන්ධන සඳහා යන වියදම සහ වාහන ආනයනයට යන විනිමය ප්‍රමාණය යන කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content