නැවතත් වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවයි.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2024/01/SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

කෙසේ වෙතත් පසුගිය දා වාහන ආනයනකරුවන්ගේ සංගම් ප්‍රකාශ කළේ ධාරිතාව 1000 ට නොඅඩු වාහන ආනයනය ඉදිරියේදී සිදුකරන බවයි.

ඒ පිළිබදව රජයේ කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද ඔවුන් කියා සිටියා.

WhatsApp Group

Skip to content