වාහන ආදායම් බලපත්‍ර අද සිට නිවසේ සිටම ලබා ගැනීමට අවස්ථාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල ජනතාවට මෙම පහසුකම ලබාගත හැකි බවයි ඔහු සදහන් කළේ.

එමෙන්ම ලබන වසරේ මාර්තු 31 වනදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content