අද දින සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය නිර්නායක සහ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථවලට ලබා දීමට කටයුතුකර නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ .

ඒ හේතුවෙන් අද දිනයේදී මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක නොවන බවත් ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content