කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 114 ක වාර්තාගත ජයක් ලැබීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

එම ජයත් සමග එංගලන්තය දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ ක්‍රීඩා කළ තරග හතරම ජය ගනිමින්.

ඊයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 213 ක් රැස් කළා.

එය කාන්තා 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.

ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 114 ක ජයක් වාර්තා කළ අතර, එය කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී කණ්ඩායමක් ලකුණු පරතරය අතින් ලැබූ ඉහළම ජයග්‍රහනය ද වනවා.

WhatsApp Group

Skip to content