වායු දූෂණය ඉහළම මට්ටමකට ළඟා වීමත් සමඟ පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා පෙරේදා දිනවල වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව බලධාරීන් පවසනවා.

අද උදෑසනත් නගරය ඝන දුමාරයකින් වැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දූෂිත වායූන් හා මීදුම හේතුවෙන් මිලියන 14ක පමණ නගර වැසියන් පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බවද සඳහන්.

WhatsApp Group

Skip to content