වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්ත වනවා.

ඒ අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය 165 ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 159ක් ලෙස ද එම අගය සටහන්ව තිබුණා.

එමෙන්ම, ගාල්ලේ වායු තත්ත්ව දර්ශකයෙහි අගය 158 ක් ලෙස සටහන් වනවා.

වායු තත්ත්ව දර්ශකයෙහි අගය 150 ත් 200 ත් අතර මට්ටමේ පවතීනම් එය අවදානම් තත්වයක් වන අතර, 100 ත් 150 ත් අතර අගයක පවතී නම් එය, දරුවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයන් ඇතුලු වයෝවෘද්ධ පුද්ගලයන්ට අවදානම් මට්ටමක් ලෙස සලකුණ ලැබේ.

WhatsApp Group

Skip to content