ගල්කිස්ස හා කන්කසන්තුරය අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද රාත්‍රියේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ අද රාත්‍රී 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් එය ගමන් ආරම්භ කරන බවයි.

යාල් නිලා ලෙස නම් කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරය දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා රාත්‍රි 10 ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වීමට නියමිතයි.

මෙම යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 4000 ක් වන බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ.

දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000 ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 2000 ක් වනු ඇති.

මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content