මහ බැංකුව විසින් බැංකු පොලී අනුපාතික අඩු කරමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව තවමත් බැංකු පොලී අනුපාත අඩු නොකළ වාණිජ බැංකු හා මූල්‍ය ආයතන කෙරෙහි මහ බැංකුවේ දැඩි අවදානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මත්පැන් මිල සම්බන්ධයෙන් ද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/RANJITH-SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය මෙරටට ලැබෙන කාලවකවානුව තමාට ද නිශ්චිතව කිව නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියා.

WhatsApp Group

Skip to content