කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ලබන 26 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.

ජීප් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී මාර්ගය හරස්කර මෝටර් රථයකින් යමින් සිටි ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබුණා.

එම ව්‍යාපාරිකයාගෙන් මිලදී ගත් ත්‍රිරෝද රථයක් කල්බදු අතපසු වූ රථයක් බවට අනාවරණය වීමෙන් හටගත් මතභේදයක් මුල්කරගනිමින් මෙලෙස පැහැරගැනීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බෙන්තොට නිවසක රඳවාගෙන පහරදී, ත්‍රිරෝද රථය සඳහා ලබාගත් මුදල් යළි ලබාදෙන බවට ලිපියකට අත්සන් ගැනීමෙන් පසු ව්‍යාපාරිකයාව ඊයේ ඔහුගේ නිවස අසළට ගෙනැවිත් දමාගොස් තිබුණා.

මේ අතර පැහැර ගැනීමට සම්බන්ධ අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා.

WhatsApp Group

Skip to content