අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භ වුණා.
ඒ අනුව අද දින බැංකු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් පරාටේ නීතිය සංශෝධනයට ලක්කිරීමේ කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මේ අනුව අදාළ විවාදයේදී ව්‍යාපාරිකයින් විසින් පැහැරහරින ලද බදු එකතුකර ගැනීමට රජය මගින් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රට තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මැතිඇමතිවරුන්ගේ හිතවත්කම් මත ව්‍යාපාරිකයින් බදු මුදල් ගෙවීමෙන් ආරක්ෂා කර ඇති බවයි ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කර සිටියා.