ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල හිඟ බදු මේ මස 30 වනදාට පෙර ගෙවීමට කටයුතු නොකරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අහෝසි කරන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවට එම දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදියි මේ බව සදහන් කළේ.

මේ අතර ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 50,000 කට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලය තුළ සොයා ගත් බවද සුරා බදු කොමසාරිස්වරයා මෙහිදි සදහන් කළා.

සුරා බදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා, රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ යන මහත්වරුන් එහිදි මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/SURABADU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content