බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

2017 වසරේදී ලියාපදිංචි කර ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානය මීට පෙර පවත්වාගෙන ගිය වෛද්‍යවරයා පසුගිය ජූලි මාසයේ විදෙස්ගතව ඇති අතර අනතුරුව එම මධයස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ එම වෛද්‍යවරයාගේ පියා විසින් බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content