ව්‍යාජ ලියකියවිලි සකස් කර මාස තුනක් වයසැති බිලින්දෙකුගේ රෝගි තත්ත්වයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කල කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා.

සැකකාර කාන්තාවගේ සහෝදරයෙකු සහ කුලි පදනම මත ලබාගත් පුද්ගලයෙකු සහ ත්‍රිරෝද රථයකින් ගිනිගත්හේන නගරයට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කිරිම සිදු කරමින් සිටියදි ඒ පිලිබදව සැකසිතු ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත කැදවා විමර්ෂණයක් සිදු කිරිමේදි මෙය ජාවාරමක් බවට තහවුරු වුණා.

සැකකාර කාන්තාව සිය ස්වාමියාගෙන් නිතියානුකුලව වෙන් වි මෙම මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවත්, ඡායාරුපයේ දැක්වෙන බිලින්දා සැකකාර කාන්තාවගේ දියණිය බවත්, බිලින්දියට කුඩා කල ඇති වු රෝගි තත්ත්වයක සදහා ලබාගත් ඡායාරුපයක් ප්‍රදර්ශනය කරමින් මුදල් එකතු කිරිමේ ජාවාරමක නිරතව සිටියද  ඡායාරුපයේ සිටින දියණිය අවු 08  වයසැති පාසල් වියේ පසුවන දැරියක් බවත්, ඇය දැනට සිය පියා භාරයේ සිටින බවද ගිනිගත්හේන පොලිසිය විසින් සිදු කල විමර්ෂණයේදි අනාවරණය වි තිබුණා.

දිවයින පුරා ප්‍රධාන නගර වලට ගොස් එම නගරයට ආසන්න නගරයකින් දිනකට රු පන්දහසක මුදලකට කුලි පදනම මත ත්‍රිරෝද රථයක් ලබාගෙන එම ත්‍රිරෝද රථයේ දැරියගේ ඡායාරුප ප්‍රදර්ශනය කර මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අවු 29 වයසැති වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකාරිනියෙකු බවත්, සැකකාර කාන්තාවගේ සොහොයුරු අවු 28 වයසැති පුද්ගලයෙකු බවත්, එම සැකකරුද සිය සහෝදරිය සමග දිවයින පුරා ගොස් මුදල් එකතු කිරිමේ ජාවාරමේ නිරතව සිට ඇති බවත්, අනෙක් පුද්ගලයා මුත්තුර් තොපුර් ප්‍රදේශයේ පදිංචි අවු 28 වයසැති පුද්ගලයෙකු බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මෙම ජාවාරම මෙහෙය වු කාන්තාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇයගේ රාජ්‍ය බැංකුවක ගිණුමක රු එක් ලක්ෂ තිස්පන්දහසක මුදලක් තැන්පත් කර ඇති බවත්, එම මුදල යාපනයෙන් අවස්තා කිහිපයකදි තැන්පත් කර ඇති බවයි සැකකරුවන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවා.

 

WhatsApp Group

Skip to content