බියගම, වඩුවේගම ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 63ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී වෙළඳසැල් වලට ලබා දුන් නොට්ටු 2ක්ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content