ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු 26ක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content