කූඨ ලේඛන යොදාගනිමින් සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් විදේශ ගතවීමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ තරුණියට සහය දැක්වූ තැරැව්කරු ද අත්අඩංගුවට ගත් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් තරුණිය 24 හැවිරිදි වියේ පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

WhatsApp Group

Skip to content