අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙසින් තමන් හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තා ඇපමත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළෙ බවට චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නමැත්තා අද(07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදුන් බවයි වී නිව්ස් අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඒ මහින්ද කොඩිතුවක්කු නමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඇප නියෝගය නිකුත් කරමින් අධිකරණය කියා සිටියේ සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සතියේ සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලේ පැවැත්වෙන මානසික සායනය සඳහායද ඉදිරිපත් විය යුතු බවයි.

WhatsApp Group

Skip to content