රටට ගැලපෙන ආකාරයේ නව ව්‍යවස්ථා සංශෝධනයක් හා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නාහිමියෝ පවසති

මල්වතු මහා විහාරයේදී 18 දින මල්වතු මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ධම්මරතන නාහිමි කියා සිටියේ පූජ්‍ය පක්ෂය වශයෙන් මහා සංඝරත්නය පමණක් නොව හින්දු ආගමේ කුරුක්කල් තුමන්ලා ල ඉස්ලාම් ආගමේ මවූලවි තුමන්ලාල කතෝලික ආගමේ පියතුමන්ලාද පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවය

තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ නාහිමියෝ මෙසේද කීහග 1948 ඉදලා මේ රට පාලනය කරපු අය මොකද කළේග ඉතා සුළු පිරිසක් හැරුණු කොට අනිත් අය කළේ පුළුවන් තරම් හොරකම් කරලා යටිමඩි ගහන එක තමයිග එදා ඉදලා අද වෙන තුරුම සිදුවුණේ
හැමදෙනාම තම තමන්ට හැකි ආකාරයෙන් අඩු වැඩි වශයෙන් හොරකම් දූෂණ වංචා කරන එක විතරයිග මේක නැති කරන්න නම් ලමේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න නම් එක් පුද්ගලයෙකුට බලය නොදී සියලු ජාති ආගම් නියෝජනය කරන කණ්ඩායමකට බලය දී නිර්මාණාත්මක පුද්ගලයෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන එක සිදු විය යුත්තක් නැතිනම් කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය දවසේ ඉඳලා උඩ ඉඳ පල්ලෙහාට හොරකම් කරන එකයිග රටේ ජනාධිපතිවරු පත්වුණු දවසේ ඉඳලා සිදු කරලා තියෙන්නේ උඩින් යන එක තමයිග ඒ අයට මේ රටේ දෙයක් ගැන හිතන්න වෙලාවක් තියෙන්නෙ නැතුව ඇතිග

WhatsApp Group

Skip to content