පුහුණුව සදහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා.

ඔහු පැවසුවේ විදේශ පුහුණුව සදහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමග විශේෂඥ වෛද්‍ය ගැටලුවලට පිළියම් ලැබෙනු ඇති බවයි.

වසර 5 ක් තුළදී අදාළ ගැටලුවට කඩිනමින් පිළිතුරක් ලබා දිය හැකි බවටයි ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content