වසර 24කට පසු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

ඔහු පිළිගැනීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවසන් වරට 2000 වසරේදී උතුරු කොරියාවට පැමිණ තිබූ අතර, එම කාලය තුළ වර්තමනා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ පියා වන කිම් ජොන් ඉල් උතුරු කොරියානු නායකයාව සිට තිබෙනවා.

මෙම සංචාරය අතරතුර නායකයන් දෙදෙනා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content