වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට දිනාදීමට හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ නදීෂා දිල්හානි ලේකම්ගේට ඊයේ දිනයේදී හැකියාව ලැබුණා.

කාන්තා හෙල්ල විසිකිරීම අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා එම ඉසව්වේ මීටර් 61.57ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර අවසන් ප්‍රතිඵල අනුව ඇයට හිමි වුනේ දෙවැනි ස්ථානයයි.

මෙය ඇය හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා දිවියේ දැක්වූ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර ඇය විසින් මෙම වසරේ පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කිරීමට ද මෙහිදී හැකියාව ලැබුණා.

මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි වුනේ මීටර් 62.92ක දස්කමක් දැක්වීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවටයි.

WhatsApp Group

Skip to content