වසර දහයකට පමණ පසුව බෝංචි කිලෝවක තොග මිල ඊයේ දින වනවිට රුපියල් 40ත් 50ත් අතර පහත වැටී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසනවා.

පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීමත් නිසා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඊයේ දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබුණු බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

WhatsApp Group

Skip to content