මෙම වසරේ අවසන් කාර්තුවේදී රාජ්‍ය සේවකයින්ට දීමනා ලබා දීම සම්බන්ධයෙන් රජය විශේෂ සැලකිල්ලක් දක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අයවැයේදී සඳහන් කළ පරිදි මෙම දීමනා ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර අප්‍රේල් මසට අදාළ වැටුප ලබන 10වනදාට පෙර රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content