වසරේ මේ දක්වා කාලය තුල මාරක බස් අනතුරු 137ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා .

එමෙන්ම පසුගිය ජුලි 10වනදා වන විට මාරක රිය අනතුරු 1,135 ක් සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 1,202 ක් මිය ගොස් ඇති බවයි ඒ මහතා කියා සිටියේ .

මීට අමතරව බරපතළ තුවාල ලැබූ අනතුරු 2,088 ක් සහ සුළු තුවාල ලැබූ අනතුරු 4,450 ක් ද සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/07/NIHAL-THALDOOWA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content