මෙම වසරේ මැද භාගය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ අනුව එතැන් සිට රටේ ප්‍රගතිය සදහා තවදුරටත් අවස්ථා උදාවනු ඇති බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

එමෙන්ම ජූනි මාසය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී භාණ්ඩ මිල ද පහත දැමිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

එමෙන්ම එළඹෙන මාසයේදී ලෝක බැංකුවේ සහ අයිඑම්එෆ් හි ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා මෙහිදි සදහන් කළා.

WhatsApp Group

Skip to content