වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා කියා සිටියේ එම වෙඩි තැබීම්වලින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ආසන්නතම සිදුවීම ඊයේ දින මීගොඩ වල්පිට ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදි සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා තුවාල ලැබුවා.

මෙලෙස වෙඩි තැබීම් සිද්ධීන් පිළිබදව සිදු කරන ලද විමර්ශන කඩිනම් කර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

WhatsApp Group

Skip to content