අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස  රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 62 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනා.

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති විරෝධතාවය අතරතුරදි ඉසුරුපාය පරිශ්‍රයේ සිව් වෙනි මහලේ සිටි ගුරු මාරු නියෝජිතයින්ට පොලිසිය පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද විරෝධතාවයක් දක්වනු ලැබුවා.

පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමිනුයි එම ගුරු විරෝධතාවය පවත්වනු ලැබුවේ.

මේ අතර එම පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව යන කාරණා සම්බන්ධයෙන් අද දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.

මෙම අනීතික ක්‍රියාදාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරින් හදුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පවසා සිටියා.

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

එහිදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නවලදී අධ්‍යාපන අමාත්‍යවරයා කෝපාවිශ්ට වීමෙන් ඇයට පරුෂ වචනයෙන් බැණ වැදීමක් ද සිදුව තිබෙනවා.

මෙම සිදු වීම සමාජ මාධ්‍ය හරහා දැඩි කතා බහට ලක් වීමත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් සිය වරප්‍රසාද කඩවීම යටතේ කරුණු දක්වමින් වරප්‍රසාද කමිටුවට වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ හරහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන කටයුතු කරන ලෙසටයි ඇය ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2023/02/ROHINI-KAVIRATHN-E-VS-SUSIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content