වව්නියාව නැදුන්කේනි ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පෞද්ගලික ප්‍රශ්නයක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නැදුන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content