වවුනියාව ප්‍රදේශයේ පාසල් භූමියක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා.

කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමට යාමේදීයි මෙම මෝටාර් උණ්ඩ හමුවී ඇත්තේ.

පසුගිය යුද සමයේ භාවිතා කොට අ‍ැති මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් විසින් රැගෙන අ‍ාවේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ සොයාගැනුණු මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවයි.

WhatsApp Group

Skip to content