කළුතර, කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී වල්ලපට්ට ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

WhatsApp Group

Skip to content