ව්‍යාජ ලේඛන සකසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එම ව්‍යාජ ලේඛන 2013 වසරේදී සකස් කර තිබෙනවා.

ඇයට එරෙහිව පැමිණිලි 26 කට අදාළව බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අවුරුදු 52 හා 30 යන වයස්වල පසුවන ගොනාගොල්ල, අම්පාර ප්‍රදේශයේ පදිංචිකාරියන්.

මේ පිළිබද වැඩිදුර විමර්ශන බදුල්ල, විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content